30.6 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාරිභෝගික අධිකාරියට දෙයියන්ගේ හාල් කැවී ගැසූ ගැසට්ටුව

පාරිභෝගික අධිකාරියට දෙයියන්ගේ හාල් කැවී ගැසූ ගැසට්ටුව

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සාමාන්‍ය වෙළඳපොළේ ඇති මිල ගණන්වලටත් වඩා රුපියල් දහයක් වැඩියෙන් පාලන මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් පත්‍රයට පාරිභෝගික ජනතාව විසින් දැඩි විරෝධයක් එල්ල කර තිබේ.

දේශීය සුදු, රතු නාඩු, සුදු, රතු සම්බා සහ කීරි සම්බා යන වර්ගවලට මෙසේ උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබුණි.

වෙළඳපොළේ තිබෙන මුදලට වඩා ගැසට් පතෙන් මිල ලකුණු කොට ඇති බැවින් වෙළඳුන් එම මිලට සහල් අලෙවි කිරීමට ගන්නා බව සහ එමගින් සමස්ත පාරිභෝගික ප්‍රජාවම අපසුතාවයට පත්වන බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ මොහොත වන විට සුදු, රතු නාඩු කිලෝවක මිල රුපියල් 210ක්ද, සුදු රතු සම්බා කිලෝවක මිල රුපියල් 220ක්ද, කීරි සම්බා කිලෝවක මිල රුපියල් 250ක්ද යනාදී වශයෙන් සාමාන්‍ය සිල්ලර වෙළඳපලේ අලෙවි වෙයි.

මෙම ගැසට්ටුව මගින් එම වර්ගවල නව මිල වශයෙන් සුදු, රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 220ක්ද සුදු රතු සම්බා කිලෝවක් සඳහා රුපියල් 230ක්ද, කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 260ක්ද යනාදී වශයෙන් උපරිම සිල්ලර නියම කොට තිබේ.