25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

ටෙස්ට් තරග 02කින් යුත් එලැඹෙන බංග්ලාදේශ තරග සංචාරය සඳහා වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද (04) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළේය.

ඒ අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් කර තිබේ.

නිමා වූ ඉන්දීය ටෙස්ට් තරග සංචාරයට එක් වූ ලහිරු තිරිමාන්නට හා චරිත් අසලංකට මෙම සංචිතයේ ස්ථාන වෙන්ව නොමැති අතර ආබාධයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ රමේෂ් මෙන්ඩිස් යළි ටෙස්ට් සංචිතයට කැදවීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මැයි 15 වැනිදාද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වැනිදාද ආරම්භ වීමට නියමිතය.

මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතටද අයත් වන අතර දිමුත් කරුණාරත්න – නායක, කමිල් මිශාර, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමින්දු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මධුශංක, ප්‍රවීන් ජයවික්‍රම හා ලසිත් ඇඹුල්දෙණිය එම සංචිතයට ඇතුළත්ය.