24.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical2015දී රජයේ සේවකයින්ට රුපියල් 10,000 කින් පඩිය වැඩි කිරීම ඓතිහාසික වරදක්

2015දී රජයේ සේවකයින්ට රුපියල් 10,000 කින් පඩිය වැඩි කිරීම ඓතිහාසික වරදක්

2015 දී රජයේ සේවකයින්ට රුපියල් 10,000 කින් පඩිය වැඩි කිරීම ඓතිහාසික වරදක් බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මේ මොහොතේදී විදේශ සංචිත අහිමි වීමට කරුණු කිහිපයක් බලපෑ බවත් ද්‍රවශීලි සංචිතය මිලියන 50ක්වත් නොමැති බවත් හෙතෙම පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ වන විට හිඟයට පමණක් සීමා වී ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉදිරි කාලය තුළදී සහමුලින්ම රටට නැතිව යනු ඇති බවට ඔහු අනතුරු ඇගවීමක්ද කළේය.

සංචාරක ව්‍යාපාරය කඩා වැටීම, තෙල් මිල ඉහළ යාම, IMF යාමට ප්‍රමාද වීම, බදු අඩු කිරීම, ණය ප්‍රතිව්‍යුහගත නොකිරීම, ණය අවශ්‍ය අවස්ථාවේදී රුපියල අවප්‍රමාණය නොකිරීම විදේශ සංචිත අහිමි වීමට බලපෑ බව ඔහු පෙන්වා දුන්නේය.