28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපහරදීමකින් අක්කරෙයිපත්තුවේ පොලීසියේ 10කට තුවාල

පහරදීමකින් අක්කරෙයිපත්තුවේ පොලීසියේ 10කට තුවාල

අක්කරෙයිපත්තුව පාලමු‌නෛයි පොලිස් මාර්ග බාධකය අසළ ඇතිවූ සිදුවීමකින් පහරදීමෙන් පොලිස් නිලධාරීන් 10 දෙනෙකු හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (05) රාත්‍රී 10 ත් 11 ත් අතර හිස් වැසුම් නොමැතිව යතුරුපැදිකරුවෙකු අණ නොතකා පොලිස් මාර්ග බාධකය හරහා ගමන් කර ඇති අතර ටික වේඅලාවකින් අදාළ පුද්ගලයා එම ස්ථානයේ ලිස්සා ගොස් ඇද වැටී තුවාල ලබා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

ඉන්පසු එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසින් සහ පොලිසිය අතර ඇති වූ නොසන්සුන්තාවයක් හෙතුවෙන් එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තැබීමක්ද සිදුකර තිබේ.

මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ලයෙකු තුවාල ලබා ඇත. එම අවස්ථාවේදී ප්‍රදේශවාසින් විසින් පොලීසියට පහරදීමක් සිදුකර ඇති අතර එම පහරදීමෙන් අක්ක‌රෙයිපත්තුව පොලිස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.