32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalආණ්ඩුව කොපමණ චෝදනා කළත් මම රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා

ආණ්ඩුව කොපමණ චෝදනා කළත් මම රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා

ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම විසින් තමන්ගේ මව පිළිබඳව සිදු කළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පැවසීය.

අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුව අමතමින් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ තමන්ගේ 87 හැවිරිදි මව පිළිබඳව පවා බොරු කියමින් පාර්ලිමේන්තුවත් රටේ ජනතාවත් නොමග යැවීමට ඔවුන් කටයුතු කරන බවයි.

මෙම ප්‍රකාශ පසුගිය ජනාධිපතිවරණ සමයේ කැළණි ගඟ දෙබෑ කරමින් නාග රාජයා මතුවුණු පන්නයේ ඒවා බවත් විපක්ෂනායකවරයා එහිදී අවධාරණය කළේය.

ආණ්ඩුවේ විසින් තමන් සම්බන්ධයෙන් හෝ තම පවුලේ අය සම්බන්ධයෙන් කොපමණ අසත්‍ය චෝදනා එල්ල කළත් තමන් රටේ ලක්ෂ 220ක් වන ජනතාව වෙනුවෙන් අඛණ්ඩවම පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.