අද (06) දිනයේදී දිවයින පුරා ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයට සහාය පළ කරමින් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපය ඉදිරිපිට මේ මොහොතේ උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.
හර්තාලයට සහය දැක්වීම සඳහා අද දිනයේදී ආයෝජන ප්‍රවර්ධන කළාපයේ කර්මාන්තශාලා බහුතරයක් වසා දමා ඇති අතර සේවකයින් හර්තාලයට සහාය පළ කිරීම සඳහා මාර්ගය දෙපස එක් රැස් වී තිබේ.