29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සාකච්ඡා කළා - දිනේෂ් ගුණවර්ධන

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සාකච්ඡා කළා – දිනේෂ් ගුණවර්ධන

පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර පාර්ලිමේන්තුවක් නිශ්චිත කාලයකට පසුව පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂ එකොළහේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ කමිටුව තුළින් ගන්නා තීරණ වහා ක්‍රියාත්මක කර ගැනීම පිළිබඳ එහිදී සාකච්ඡා කළ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තම පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විය යුතු වෙනස්කම් පිළිබඳව අඛණ්ඩව යෝජනා ඉදිරිපත් කර ඇති බව එම පක්ෂ නියෝජිතයන්ට පෙන්වා දුන් බවත් මේ වන තෙක් සර්වපාක්ෂික එකඟතාවයක් පාර්ලිමේන්තුව තුළ ඇති කරගැනීමට නොහැකි වූ බවත් ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගත කරන කාලය තුළින් එය පෙන්නුම් වන බවත් ඔහු එහිදී අවධාරණය කළේය.