30.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසර 69කට පසු දීප ව්‍යාප්ත හර්තාලයක්

වසර 69කට පසු දීප ව්‍යාප්ත හර්තාලයක්

ආණ්ඩුවට එරෙහි රට පුරා අද (06) ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයට සහ වැඩවර්ජනයට වෘත්තිය සමිති දෙදහසකට අධික සංඛ්‍යාවක් එක්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ සෞඛ්‍ය, තැපැල්, ප්‍රවාහන, අධ්‍යාපන ඇතුළු ප්‍රධාන වෘත්තිය සමිති රැසක්ද ඒ අතර වන බවයි.

මේ හේතුවෙන් අද දිනයේ පාසැල් කටයුතුද සිදු නොකරන බව ලංකා ගුරු සේවා සංගමය සඳහන් කළේය. එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ ගුරු විදුහල්පතිවරු අද දිනයේ පාසැල් වෙත නොපැමිණෙන බවයි.

මෙලෙස දිවයින පුරා විහිදී යන හර්තාලයක් ක්‍රියාත්මක කෙරෙන්නේ වසර 69කට පසුව වීමද සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වන කරුණකි. අවසන් වරට දීප ව්‍යාප්ත හර්තාලයක් ක්‍රියාත්මක කෙරුවේ 1953 වසරේදීය.