27.2 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහදිසි නීතිය පැනවීම ගැන කරුණු දැක්වීමට ලොක්කන්ට කැඳවීමක්

හදිසි නීතිය පැනවීම ගැන කරුණු දැක්වීමට ලොක්කන්ට කැඳවීමක්

ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයාට ලබන සඳුදා (09) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස එම කොමිසම මඟින් දන්වා තිබේ.

ඔවුන් මෙලෙස එම කොමිසම හමුවට කැඳවා ඇත්තේ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසන්නේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැඩි කනස්සල්ලට පත්වන බවයි.

භාෂණයේ සහ රැස්වීමේ නිදහස, අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම් හා සම්බන්ධ අයිතිවාසිකම් මෙන්ම අනෙකුත් මූලික අයිතිවාසිකම් සහ නිදහස හදිසි නීතිය පවතින අවස්ථාව තුළ බලපෑමට හෝ අවමානයට ලක් නොවනු ඇති බවට බලාපොරොත්තුවන බව අදාල නිවේදනය වැඩිදුරටත් දැක්වෙයි.