30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅගමැති ඉල්ලා අස් නොවුණොත් ඇමතිවරු 04ක් ඉල්ලා අස්වීමේ තීරණයක

අගමැති ඉල්ලා අස් නොවුණොත් ඇමතිවරු 04ක් ඉල්ලා අස්වීමේ තීරණයක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ අද (09) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිය ධුරයෙන් ඉවත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි.

මෙම ඉවත්වීමත් සමඟ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු විවිධ පාර්ශව විවිධ නම් මේ වනවිටත් යෝජනා කර තිබේ. නිමල් සිරිපාල ද සිල්වා, රමේෂ් පතිරණ, සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා යන අයවලුන්ගේ නම් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු බව යෝජනා වී තිබේ.

මේ අතර අන්තර්වාර ආණ්ඩුව සඳහා විසි දෙනෙකුට නොවැඩි අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බවටද යෝජනා වී තිබේ. අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉවත් නොවන ලෙසට ඉල්ලා සිටීම ආඳහා අද දිනයේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ හමුවීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ අද දිනයේ ඉවත් නොවන්නේ නම් අමාත්‍යවරුන් සිව් දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානම් බවත් වාර්තා වෙයි. එලෙස ඉවත්වන මන්ත්‍රීවරුන් ලෙස දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ නාලක ගොඩහේවා යන අයයි.