25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපක්ෂ නායක රැස්වීමේ උණුසුම් තත්වයක්

පක්ෂ නායක රැස්වීමේ උණුසුම් තත්වයක්

අද පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගෙන ඇති බව වාර්තා වේ.

ඒ සදහා හේතු වී ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරමින් ඊට සම්බන්ධ වූ පිරිස් ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ නොහැකි බවට තර්ක කිරීම හේතුවෙනි.

කෙසේවෙතත් විපක්ෂය ඊට එරෙහිව දීර්ඝ ලෙස කරුණු දක්වා ඇති අතර පසුව අවසානයේදී එය න්‍යාය පුස්තකයට ඇතුළත් කර ගැනීමට විපක්ෂය සමත්ව තිබේ.

ඒ අනුව ලබන බදාදා නැවත පක්ෂ නායක රැස්වීමක් කැදවා 17 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ කවර දිනක එය විවාදයට ගන්නේද යන්න තීරණය කිරීමට එකගතාව පළව ඇති බවද දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක පක්ෂනායක රැස්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් වන සුමන්තිරන් , මනෝ ගනේෂන් ,රංජිත් මද්දුමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරුන් ගේ ප්‍රකාශ එවා තිබේ.

ලබන බදාදා යළි පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇත