29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅගමැතිට සහය වෙන්න පොහොට්ටු පාක්ෂිකයන් අරලියගහ මන්දිරයට

අගමැතිට සහය වෙන්න පොහොට්ටු පාක්ෂිකයන් අරලියගහ මන්දිරයට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ඉවත් නොවන ලෙස ඉල්ලමින් විශාල පිරිසක් මේ වනවිට අරලියගහ මන්දිරයට රැස්ව ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතන නියෝජිතයන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සාමාජිකයින් සහ පාක්ෂිකයින් මෙලෙස අරලියගහ මන්දිරයට රැස්ව ඇති බව වාර්තා වෙයි.

පාක්ෂිකයින් රැසක් මේ වනවිට අරලියගහ මැදුර ඉදිරිපිටටද රැස්ව ඇති අතර ඒ හේතුවෙන් ඒ අසළ මාර්ගයේ රථවාහන ධාවනයටද බාධා එල්ල වී ඇති බව අප වාර්තාකරුවන් පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (09) විශේෂ ප්‍රචාරයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පසුගිය දින කිහිපයේදී විවිධ ප්‍රචාරයන් පැතිර ගියේය.