27.8 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් ණයට ගෑස් ආනයනය කිරීමට සැලසුම්

ඉන්දියාවෙන් ණයට ගෑස් ආනයනය කිරීමට සැලසුම්

ඉන්දියාවෙන් ගෑස් ආනයනය කිරීමට රජය සූදානම් වන බව වාර්තා වෙයි. තමන් මේ සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රධානීන් සමග සාකච්ඡාවක් කළ බව වෙළඳ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

තමන්ට අඛණ්ඩව ගෑස් ලැබුණහොත් වෙළඳපොළ ඉල්ලුම සපුරාලිය හැකි බව ලිට්රෝ සමාගම පැවසූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව දැනට ඇති හොඳම විකල්පය ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් බිලියනයක ණය පහසුකමෙන් මිලියන 160ක පමණ ගෑස් ආනයනය කිරීම බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.