― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් එල්ල කරන්න අණදුන් SSPට එරෙහිව පරීක්ෂණයක්

උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් එල්ල කරන්න අණදුන් SSPට එරෙහිව පරීක්ෂණයක්

උසස් නිලධාරීන්ගේ අවසරයකින් තොරව පාර්ලිමේන්තුව අසළ උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් එල්ල කිරීමට උපදෙස් දුන්නැයි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කුට එරෙහිව පොලිස්පතිවරයා විමර්ශනයක් අරඹා තිබේ.

පෙරේදා (07) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් දුන් උපදෙස් මත පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් විශේෂ විමර්ශන ඒකකය (SIU) වෙත මෙම පරීක්ෂණ පැවැත්වීම පවරා ඇත.

එහිදී උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් උණ්ඩ 49ක් සහ කඳුළු ගෑස් අත්බෝම්බ (ග්‍රේනේට්) 27ක් යොදාගෙන කඳුළු ගෑස් ප්‍රහාර 76ක් එල්ල කර ඇති බව අනාවරණය වී තිබේ.

උද්ඝෝෂකයන් පලවා හැරීම සඳහා මෙතරම් කඳුළු ගෑස් භාවිතා කළ යුතු නැති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත. ඉකුත් 06 වැනිදා රාත්‍රියේ උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස අතරේ බීමත්ව සිටි පිරිසක් දිගින් දිගටම පොලිසියට හා පොලිස් විශේෂ කාර්ය බළකායට පරුෂ වචනයෙන් බැණ වදිමින් ඇති කරගත් ගැටුමක් පාලනය කිරීමට මෙම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

සාමකාමී උද්ඝෝෂණ විසුරුවා හැරීමේ දී ජනතාවට පීඩාවක් ඇති නොවන ලෙස කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇති මොහොතක ඉහළ නිලධාරීන්ට නොදන්වා හදිසියේම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට චෝදනා එල්ල වී ඇත.