― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට

ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට

සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (09) සිට යළි ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේ භාර ගනු ලබන්නේ මැයි 05, 06 හා 09 දිනවල සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවක් වෙන්කර ගත් අයැදුම්පත්‍ර පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊට අමතරව මැයි 5 වැනිදා සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයැදුම්පත් භාරදීමට පැමිණ, දෙපාර්තමේන්තුවෙන් අංකයක් සහ මුද්‍රාවක් ලබාගත් අයැදුම්කරුවන්ගේ අයදුම්පත්ද එදිනට බාර ගැනෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉකුත් කළ නිවේදනයේ දැක්වේ.

මැයි මස 10 වැනිදා සිට ගමන් බලපත්‍ර අයැදුම්පත් භාරදීම සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට අනිවාර්ය වන අතර ඒ සඳහා www.immigation.gov.lk වෙබ් අඩවියෙන් හෝ 070 710 10 60 දුරකථන අංකයෙන් දිනයක් හා වේලාවක් වෙන්කර ගත හැකිය.

පරිගණක පද්ධතිය පිළිසකර කිරීමෙන් අනතුරුව කඩිනමින් එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.