25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනීතිඥ සංගමයේ යෝජනා සලකා බලන්න ජනපති තීරණය කරයි

නීතිඥ සංගමයේ යෝජනා සලකා බලන්න ජනපති තීරණය කරයි

පවතින දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම ගැන සලකා බලන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව සමඟ ඊයේ (09) ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. වර්තමාන තත්ත්වය පාදක කර ගනිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රධාන යෝජනා 13ක් එහි විධායක සභාවට ඉදිරිපත් කර ඒකමතිකව සම්මත කර ගැනිණි.

එම යෝජනා ඉදිරියට ක්‍රියාත්මක කරන ආකාරය එහිදී සාකච්ඡාවට ලක් කළ ජනාධිපතිවරයා නීතියේ ආධිපත්‍ය සුරැකීමේ වැදගත්කම අවධානයට ලක්කරනු ලැබීය.
ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව අතර එම යෝජනා සම්බන්ධයෙන් දීර්ඝව පැවති සාකච්ඡාවේදී සියලු යෝජනා කෙරෙහි අවධානය යොමුව තිබේ.