27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබංග්ලාදේශයෙන් ගත් ණය ගෙවීමේ කාලය වසරකින් දීර්ඝ කෙරේ

බංග්ලාදේශයෙන් ගත් ණය ගෙවීමේ කාලය වසරකින් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාව, බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක ණය මුදල නැවත ගෙවීම සඳහා තවත් වසරක සහන කාලයක් ලබාදී තිබේ.

2021 මැයි මාසයේදී බංග්ලාදේශයෙන් ‘ස්වැප්’ පහසුකම යටතේ මාස 03ක් තුළ යළි ගෙවීම සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 200ක මුදලක් ලබාගෙන තිබුණි. කෙසේවුවද ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ගෙවීමේ කාලය අවස්ථා කිහිපයකදී දීර්ඝ කිරීමට බංග්ලාදේශය පියවර ගෙන තිබේ.

බැංකු අධ්‍යක්ෂවරුන් ඊයේ (08) පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ණය කොන්දේසි වෙනස් කිරීමකින් තොරව සහන කාලයක් ලබාදීමට තීරණය කළ බව බංග්ලාදේශ් මහ බැංකුවේ ප්‍රකාශක සෙරජුල් ඉස්ලාම් ප්‍රකාශ කළේය.