26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහර්තාලය දා සේවයට නොපැමිණි නිලධාරීන් ගැන තොරතුරු සොයයි

හර්තාලය දා සේවයට නොපැමිණි නිලධාරීන් ගැන තොරතුරු සොයයි

දිවයින පුරා හර්තාලය ක්‍රියාත්මක වූ පසුගිය සිකුරාදා දිනයේ සේවයට වාර්තා නොකළ නිලධාරීන් පිළිබඳව විස්තර ලබාගැනීමට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් වන ලිපියක් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වනවිටත් යොමුකර ඇති බව සඳහන්ය. එම ලිපිය මඟින් සඳහන් කර ඇත්තේ පසුගිය 06 වැනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවයට වාර්තා කිරීම සම්බන්ධ තොරතුරු අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය විසින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක්ද යොමු කර ඇති බව වාර්තා වෙයි.

වෙනත් කිසිඳු අමාත්‍යාංශයක් හෝ දෙපාර්තමේන්තුවක් මෙවැනි තොරතුරු ලබාගැනීමක් සිදුකර නොමැති ඇති අතර ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ විසින් පමණක් මෙවැනි තොරතුරු ලබාගැනීමක් සිදු කිරීම ප්‍රශ්න සහගත බව ඔවුන් අදාළ ලිපිය මඟින් පෙන්වා දී ඇත.