25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ ගිනි තැබූ සුපිරි හෝටල්වල අද උදෑසන වනවිට තත්ත්වය

ඊයේ ගිනි තැබූ සුපිරි හෝටල්වල අද උදෑසන වනවිට තත්ත්වය

ඊයේ (09) රාත්‍රියේදී සාමාන්‍ය ජනතාව විසින් ඉතා ප්‍රකෝපකාරී ලෙස දේශපාලකයන්ගේ නිවෙස්, ඔවුන්ගේ ආධාරකරුවන්ගේ නිවෙස් මෙන්ම අයථා ලෙස ඉපැයූ මුදලින් තනවන ලද යැයි සැක කෙරෙන බොහෝ දේ විනාශ කළා. බහුතරයක් දේපල ගිනි තැබීමටද ලක් වුණා.

ඊයේ සවස් කාලය වන විට බොහෝ දේශපාලකයන්ගේ නිවෙස් සම්පූර්ණයෙන්ම පාහේ ගිනි තබා විනාශ කර තිබුනා. ඉන් නොනැවතුනු ජනතාව ගෝඨාගෝගමට පහර දුන් පුද්ගලයන් සොයාද මෙහෙයුම් දියත් කරනු ලැබුවා. එසේ හසුවූ අයට නම් අත්වුනු ප්‍රතිවිපාක නම් එතරම් සුබදායක වුණේ නම් නැහැ. ඇතැමෙක් නිරුවති පාරේ ඇවිද්දවූ අතර ඇතමෙක්ට බේරීමට සිදුවූයේ බේරේ වැවට බැසීමෙනි. එසේ වැවට වැටුනු පිරිස් අද උදෑසන (05) වනතෙක් වැවේ සිටිනුද දක්නට ලැබුනා.

කෙසේ නමුත් ඊයේ හවස් වන විට මීගමුව ආශිතව තිබූ ඇවෙන්රා, බේෆොන්ට්, ග්‍රෑන්ඩීසා ආදී හෝටල් වලට නම් ලැබුවේ එතරම් හොඳ කාලයක් නොවෙයි. ප්‍රකෝපකාරී ජනතාව විසින් එම හෝටල් සම්පූර්ණයෙන්ම ගිනිබත් කොට තිබුනා. අද උදෑසන වන විට ඒ අවට සහ එම හෝටල් අපට දක්නට ලැබුනේ මේ ආකාරයටයි.