30.6 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරගලකරුවන්ට පහරදීමට රැඳවියන් යොදාගත් පුවත බොරු

අරගලකරුවන්ට පහරදීමට රැඳවියන් යොදාගත් පුවත බොරු

වටරැක බන්ධනාගාරයේ රැඳවියන් 58 දෙනෙකු අතුරුදහන් වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසීය.

ඔහු සඳහන් කළේ රැඳවියන් 181ක් කොළඹ සහ විවිධ ප්‍රදේශවල වැඩබිම්වල සේවයේ යොදවා තිබූ අතර ඔවුන් කොළඹ වැඩබිම්වල සේවය කර යළි එම බන්ධනාගාරයට වෙත පැමිණෙමින් සිටියදී ඔවුන් අතුරුදන් වී ඇති බවත්ය.

ඔවුන් වැඩ නිමවා නැවත වටරැක බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේදී මාලඹේ තලාහේන ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට කොටුවී ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයා අවධාරණය කළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ සමහර රැඳවියන්ව අරගලකරුවන්ට පහරදීමට යොදාගත් බවට තොරතුරු සංසරණය වුණත් ඒ සියල්ල අසත්‍ය බව ඔහු සඳහන් කළේය.