23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅරගලය නැවතිය යුත්තේ කොතනින්ද?

අරගලය නැවතිය යුත්තේ කොතනින්ද?

මේ වෙද්දි මුළු රටටම ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ගිනි තැබීම්ද රට වටෙන්ම වාර්තා වනවා. නමුත් එලෙස ඔවුන්ට පහරදී ඔවුන්ගේ නිවෙස් ගිනිබත් කළ පමණින් මෙම අරගලය අවසන් වෙනවාද යන්න ප්‍රශ්නයකි

නැත.. එය මෙතනින් අවසන් කළ යුතු නැහැ. මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනාගේම වත්කම් පිළිබඳව රටට හෙළි කිරීමේ කාලය එලැඹ ඇත. ඔවුන් දේශපාලනයට එන විට ඔවුන් සතුව තිබූ වත්කම් කොපමණද? මේ වනවිට ඔවුන් උපයාගෙන තිබෙන වත්කම් කොපමණද කියා රටට හෙළිදවරව් කළ යුතුමය. එමෙන්ම දේශපාලුවන් රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගෙන් සොරකම් කළ රුපියලක් නෑරම නැවත අප ගත යුතුය.

මේ වනවිට රට වැටී ඇති තැන ගැන ඔබට, මට විවාදයක් නැත. අප රට දැන් බංකොලොත් යැයි කියන්නටද බැරිය. බංකොලොත් එකෙනුත් අන්ත අඩියට අප වැටී හමාරය. 74 වසරක් මුළුල්ලේ රටේ දේශපාලඥයින් යැයි කියාගන්නා පුද්ගලයින් රට වෙනුවෙන් පුන්චි හෝ දෙයක් කළා නම් අපට මෙහෙම වේවිද? සිතා බලන්නට කාලය එලැඹ තිබේ.

අලු ගසා දමමින් නැඟී සිටින ෆීනික්ස් කුරුල්ලෙකු මෙන් අපද නැඳී සිටිය යුතුය. අප කොහොමත් වැටි වැටී නැගිටින ජාතියක් බවට අමුතුවෙන් පසක් කළ යුතු නැත. එයට ඕනෑතරම් සාක්ෂි අපේ ඉතිහාසය තුළම ඇත. අප වැටී සිටින තැනින් ගොඩ එන්නට නම් ප්‍රථමයෙන්ම කළ යුත්තේ සියලු කුණු, රට මෙවන් අගාධයකට ඇද දැමූ දේශපාලුවන් ඉවත් කිරීමයි. මහජන ඡන්දයෙන් තේරී පත් වූ ඔවුන් ඉවත් කිරීමේ අයිතියද මහ ජනතාව සතුය.

ඉන්පසු දේශපාලන බලය අවභාවිත කරමින් රට බංකොලොත් කිරීමට දායක වූ සෑම දේශපාලඥයෙක්ම, ඔවුන්ගේ පාක්ෂිකයින් ඇතුළු සියලු නිලධාරීන් පිළිබඳව සොයා බලා ඔවුන්ව අත්අඩංගුවට ගත යුතුය.
ප්‍රබල මත්ද්‍රව‍ය ජාවාරම්කරුවෙකු වූ, පසුගිය කාලයේදී පොලිස් අත්අංඩංගුවේ සිටියදී මියගිය මධූෂ්ට සිදුවූයේ කුමක්ද..? රටේ ප්‍රබල දේශපාලඥයන් රැසකගේ තොරතුරු මධූෂ් සතුව පැවති බව දැන් නොරහසකි. එසේ තිබියදී ඔහු ඝාතනය වීම පුදුම සහගතය. ඒ නාටකයද විහිළු සහගතය..?ඔහු සතු තොරතුරු හෙළිවේ යැයි බියෙන් ඔහු ඝාතනය කිරීමට සැලැස්වූ බවද බොහෝ දෙනෙකුගේ මතයයි.

මේ සියල්ලටම සම්බන්ධ පොලිස් නිලධාරීන් ඇතුළු නිලධාරීන් නීතිය හමුවට ගෙන ආ යුතුය. අරගලය සාර්ථක වන්නේ එවිටය. ඊයේ අරගල භූමියේදී ජීවිත අහිමි කළ සිදුවීමට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගත යුතුය. පාට, පක්ෂ, තනතුරු, තාන්න මාන්න පසෙකලා ඔවුන් නොවලහා අත් අඩංගුවට ගෙන නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක කළ යුතුය. ආණ්ඩුවේ කුලී මැරයන් ඇතුළුව ඊයේ එම සිද්ධිය ගැටුමක් දක්වා ගෙන යාමට ඉඩ සැලැස්වූ දේදපාල්ඥයින්ද වහාම නීතිය හමුවට පමුණ්Uවන්නේ නම් අප රටේ එක රටක්.. එක නීතියක් ක්‍රියාතමක වන බව සිතන්නට පුළුවන. මේ රට නැවතත් ගොඩනැගීමටනම් නැවතත් අපේ මව් රටට මෙවැනි විනාශයක් සිදුනොකරන තැනට නීතිය සවිමත් කළ යුතුය.

ඊයේ සිදුවීමෙන් අප සැවොම උගත යුතු පාඩමක් තිබේ. එනම් අනාගතයේ දියවන්නාවට යන්න හිතන් ඉන්න සියලු දෙනා රජවරුන් හෝ දෙවිවරුන් නොවන බවත් ඔවුන් ජනතාව නියෝජනය කරන්නට දියවන්නාවට යැවූ ජනතා සේවකයින් බවත්ය.