26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ කලහකාරී ක්‍රියාවල සමස්ත පාඩුව මෙන්න

ඊයේ කලහකාරී ක්‍රියාවල සමස්ත පාඩුව මෙන්න

ඊයේ (09) සිට අද (10) දක්වා දිවයිනේ නන් දෙසින් සිදු වූ දේපල හානි, මනුෂ්‍ය ඝාතන ආදී සියලුම හානි සම්බන්ධයෙන් පොලිසිය විසින් සවිස්තරාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර පළාතේ පමණක් දිවි අහිමි වීම් 06ක් සිදුවී ඇති බවත් සමස්ත මරණ සංඛ්‍යාව 8ක් වන අතර ඒ අතරට පොලිස් නිළධාරියෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද ඇතුළු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

වාහන 41 සහ නිවාස 65 මේ වන විට විනාශ වී තිබේ. බැලූ බැල්මට හුදකලා සිද්ධීන් කිහිපයක් ලෙස දැනුනද සමස්ත හානියම සුළුපටු නොවන බව සහ මේ මොහොතේ සිට කිසිදු ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට සම්බන්ධ වීම හෝ අනුබල දීම මහජනතාව වශයෙන් අපේ වගකීම වන්නේය.