― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකුමාර වෙල්ගම දැඩිසත්කාර ඒකකයට

කුමාර වෙල්ගම දැඩිසත්කාර ඒකකයට

මාකුඹුර ප්‍රදේශයේදී පහරකෑමට ලක්ව හෝමාගම රෝහලට ඇතුළත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම රෝහල් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

පහරකෑමට ලක් වූ කුමාර වෙල්ගමගේ එක් අතකට තුවාල සිදුව ඇති අතර සිද්ධිය සිදුවන අවස්ථාවේදී ඔහුගේ රියදුරු සහ ආරක්ෂක නිලධාරියා පලාගොස් තිබේ.

කෙසේ වෙතත් පලාගිය මන්ත්‍රීවරයාගේ රියදුරුද තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

ඊයේ (09) දිනයේදී සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් පැතිර ගියේ මාකුඹුර ප්‍රදේශයේදී පිරිසකගේ පහර කෑමට ලක්වූ මන්ත්‍රී කුමාර වෙල්ගම ජීවතක්ෂයට පත්ව ඇති බවයි.