― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහින්ද සිය පවුලම සමග නැගෙනහිර පළාතට ?

මහින්ද සිය පවුලම සමග නැගෙනහිර පළාතට ?

හිටපු අගමැති මහින්ද ඊයේ තනතුරින් ඉවත්වූ පසුවත් ඊයේ රාත්‍රිය පුරා ගත කර තිබුනේ විජේරාම පාර නිවසේ නොව දැඩි ආරක්ෂක රැකවල් මැද අරලියගහ මැදුරේ බව ආරංචි මාර්ග වාර්තා කර තිබේ.

රාත්‍රී කාලයේ අරලියගහ මන්දිරය අසළින් ඇඳිරි නීතියද නොතකා පිරිස් රැඳී සිටිමින් නොයෙකුත් විරෝධතා සිදු කළ අතර පිරිසක් මන්දිරය ඇතුළට යන්නට උත්සාහ කිරීමේදී කඳුළු ගෑස් ප්‍රහාර කිහිපයක්ම එල්ල විය.

ඇතැම් අවස්ථාවක පිරිස පාලනය කිරීමට අහසට වෙඩි තැබීමටද සිදු විය. මේ සියල්ල සිදුවෙද්දී මහින්ද ඇතුළේ සිටි බව කියැවේ.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් තිබෙන අතර අද අලුයම් කාලයේදී ආරක්ෂක අංශ විසින් අරලියගහ මන්දිරය අසල රැස්ව සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් අනතුරුව විජේරාම පාර නිවස වෙත ගිය බව වාර්තා විය.

අනතුරුව අද පාන්දරින්ම හෙලිකොප්ටරයකින් නැගෙනහිර පළාතේ නාවික හමුදාවට සම්බන්ධ ආරක්ෂිත ස්ථානයකට ගමන් කර තිබෙන බවටද ආරංචි මාර්ග වාර්තා කර තිබේ. ඒ ගමනට හිටපු අගමැති බිරිය හා එක් පුතෙකු එම බිරිය ඇතුළු පවුලද එක්ව ඇතැයි වාර්තා විය. ඒ අනුව අගමැති ඇතුළු පවුලේ පිරිස ත්‍රිකුණාමලය නාවික හමුදා පරිශ්‍රය වෙත අද (මැයි 10) උදෑසන ළඟා වී තිබේ. මේ වන විට ඔවුන් නාවික හමුදාපතිවරයාට අයත් නාවික හමුදා නිල නිවස්නයේ රැඳී සිටින බව ද වාර්තා වේ.

මහින්ද රාජපක්ෂට අයත් පාරම්පරික මැදමුලන නිවස ඊයේ ගිනිබත් කර තිබූ අතර කුරුණෑගල තිබූ නිවසක්ද ගිනි බත් කර තිබුණි.

මේ අතර නයිජීරියාවට අයත් පුද්ගලික ජෙට් යානාවක් මීට දින කිහිපයකට පෙර ලංකාවට පැමිණ කිසිවෙකු රටින් පිටමං කරවීම පිණිස රඳවා තිබෙන බවටද සමාජ මාධ්‍ය වාර්තාකර තිබේ.