29.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු අගමැති වහාම අත්අඩංගුවට ගත යුතුයි

හිටපු අගමැති වහාම අත්අඩංගුවට ගත යුතුයි

ඊයේ (09) අරලියගහ මන්දිරය අසළ මයිනාගෝගමට සහ ගාලුමුවදොර පිහිටි ගෝඨාගෝගමට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළ හිටපු අමාත්‍ය මහින්ද රාජපක්ෂ වහා අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්මක කළ යුතු බව නීතිඥවරු පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි. එහිදී නීතිඥ ගුණරත්න වන්නිනායක චෝදනා කළේ එම ප්‍රහාරය සිදුවන්නට ඉඩ දී පොලීසිය බලා සිටි බවයි.

අද (10) පෙරවරුවේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති මාධ්‍ය හමුවකදී නීතිඥ ගුණරත්න වන්නිනායක මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ආරක්ෂක ලේකම්, පොලිස්පති, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් එම ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවත් ඔහු එම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.