31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමදාවිවාදය ගැන ඩලස්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්

මදාවිවාදය ගැන ඩලස්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්

ගෝඨාගෝගම පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට එරෙහි ආණ්ඩුවේ සමහරු ‘මදාවිවාදය’ ආදේශ කරන්නට යාමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව වේගයෙන් නීතිය රහිත රටක් බවට පත්වෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසීය.

ඔහු මේ බව අවධාරණය කළේ නිවේදනයක් නිකුත් කරමිනි.

එල්ල කරන ලද එම අශිෂ්ට ප්‍රහාරය දැනටමත් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ කළු අකුරෙන් මුද්‍රණය කොට අවසන් බවත් රට පුරා නිවාස ගිනිබත් කරමින් පැතීරී යන ප්‍රතිසාහසිකත්වය පෙන්නුම් කරන්නේ, මෙරට දේශපාලනය ගමන් කරමින් තිබෙන භයානක දිශාවේ තත්ත්වය බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ විශිෂ්ට අර්ථ පෙරදැරි කර ගත් විවේචනවලට පිළිතුරු ලබා දිය යුත්තේ ද එම උතුම් මූලධර්ම මත පිහිටා බව ද සියලු දේශපාලකයන් සහ සිවිල් සමාජය අළු-ධූලි මතින් හෝ අවබෝධ කර ගත යුතු බවයි.