― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉදිරි සතියේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගේන්නවත් අපිට සල්ලි නෑ - මහබැංකු අධිපති

ඉදිරි සතියේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගේන්නවත් අපිට සල්ලි නෑ – මහබැංකු අධිපති

ඉදිරි සතියේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා ප්‍රමාණවත් සංචිතවත් අප සතුව නොමැති බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවසීය.

අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

“මේ තත්ත්වය ඉදිරි දින දෙක තුන තුළ පැවතියහොත් පැය 10-12 ක විදුලි කප්පාදුවක් සිදුවෙනවා. ඉන්ධන හිඟයත් දරුණු වෙනවා. රජයේ ආදායම් මදි නම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා රජය මුදල් අච්චු ගහන්න වෙනවා. මහ බැංකුවට ඒ ක්‍රියාවලියට යන්න වෙනවා.

ඒක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. රජයේ ආදායම වැඩි කරගන්න ඕනේ. පඩි ගෙවීමට නොහැකියාවක් නැහැ. රුපියල් කියන එක මහ බැංකුවෙන් ඕන තරම් දෙන්න පුළුවන්. හැබැයි ඒක පාලනයක් ඇතුව දෙන්න ඕනේ. ඕන ඕන විදිහට දීලා හරියන්නේ නැහැ.

අවශ්‍ය කරන බදු වැඩිකරලා ආදායම් වැඩිකර ගැනීමේ ක්‍රියාවලියට ඉක්මණින් යන්න ඕනේ. සතියකට අත්‍යවශ්‍ය දේවල් ආනයනය කිරීමටවත් අවශ්‍ය සංචිත දැන් අපි ළඟ නැහැ.”