30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීතිය හා සාමය රකින ආණ්ඩුවක් වහාම පත් කළ යුතුයි - මහබැංකු අධිපති

නීතිය හා සාමය රකින ආණ්ඩුවක් වහාම පත් කළ යුතුයි – මහබැංකු අධිපති

රටේ නීතිය හා සාමය මීට වඩා හොඳ ආකාරයකින් පවත්වාගෙන යාමට හැකියාව ඇති රජයක් පත්කිරීම අත්‍යවශ්‍ය බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අගමැතිවරයෙක් හෝ මුදල් ඇමතිවරයෙක් නොමැති පාර්ලිමේන්තුවේ කිසියම් ක්‍රියාවක් සිදුනොවන විධායක ජනාධිපතිවරයෙක් පමණක් සිටින අකර්මණ්‍ය වූ තත්ත්වයකට රට පත්ව ඇති බව හෙතෙම එහිදී අවධාරණය කළේය.

රටේ නීතිය හා සාමය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම ආර්ථික අර්බුදවලින් ගොඩඒමට බාධාවක් බවත් කඩිනමින් යම්කිසි ආකාරයක ස්ථාවර පාලන ක්‍රමයක්, ස්ථාවර රජයක් පත්කළ යුතුව ඇති බවත් එහිදී මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

තවත් දවස් කිහිපයක් මෙම තත්ත්වය පැවතියහොත් පැය 10ට වැඩි විදුලි කප්පාදුවක්, ඉන්ධන නොමැති වීමක් ඇතිවිය හැකි බවත් සාමකාමීව අරගලයේ නිරතව සිටි අයට සිදුකළ පහරදීම පිළිකුල් සහගතව හෙළාදකින බවත් කියා සිටියේය.