සරදියෙල්ගේ කතාව නැවත අලුත් කරමින් විරෝධතාකරුවන්ට වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත්ගේ නිවසේ තිබී යූරියා මිටි 400ක් හමු වී තිබේ.
එම යූරියා මිටි සියල්ලම විරෝධතාකරුවන් විසින් ගොවීන්ට බෙදා දී ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දුගේ නිවසේ තිබී ගෑස් ටැංකි 80ක්ද හමු වී ඇති බව වාර්තා වෙයි. මේ අතර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවගේ නිවසේද ගෑස් ටැංකි 60ක් තිබී හමු වී තිබේ.