― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරට තුළ හමුදාව යෙදවීම ගැන ඇමරිකාව දැඩි අවදානයෙන්

රට තුළ හමුදාව යෙදවීම ගැන ඇමරිකාව දැඩි අවදානයෙන්

රට තුළ හමුදාව යෙදවීම සම්බන්ධයෙන් අමෙරිකාවේ දැඩි අවධානය යොමු වී ඇති බවත් ඒ පිළිබඳව සමීපව නීරීක්ෂණය කරන බවත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් මේ බව ප්‍රකාශ කළේය.

සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අමෙරිකාව හෙළා දකින බවත් ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස සහ ශ්‍රී ලංකාව තුළ දිගු කාලීන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ළඟා කර ගැනීමට විසඳුම් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමට එක්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් සහ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු අවධාරණය කළේය.

අග්‍රමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව මෙරට උද්ගතව ඇති දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අමෙරිකාව සමීපව නිරීක්ෂණය කරනු ලබයි.