නව රජය පත්කිරීමෙන් අනතුරුව ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා අරඹන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව සමඟ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
එම සාකච්ඡා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පසුගිය 09 වැනිදාදා ඇරඹුණු බවත් එය මැයි 23 වැනිදා තෙක් සිදුකෙරෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙහෙයුම් ප්‍රධානී මසාහීරෝ නොසාකි පවසයි.