― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSocialරාජපක්ෂලා ඉන්න රජයක කිසිම තනතුරක් භාරගන්නේ නෑ - පැතිර යන කතාවලට සරත්...

රාජපක්ෂලා ඉන්න රජයක කිසිම තනතුරක් භාරගන්නේ නෑ – පැතිර යන කතාවලට සරත් ෆොන්සේකා පිළිතුරු දෙයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සිටින රජයක කිසිඳු තනතුරක් ලබා ගැනීම තමා එකහෙලා ප්‍රතික්ෂේප කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තරයේ හෙලා දකින බවත් සමස්ත ශ්‍ රීලාංකීය ජාතියම සාමකාමී අවිහිංසාවාදී පුරවැසි අරගලයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමඟ තමා කොන්දේසි විරහිතව සිටගනා බවත් එම සටහනේ වැඩිදුරටත් දැක්වේ.

ගාලුමුවදොර අරගලකරුවන් සමඟ සාකච්ඡාවකින් තොරව රාජපක්ශලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවන බව සරත් ෆොන්සේකා එම සටහනෙන් දක්වා තිබේ.

එම උපුටාගැනීම පහතින්,

අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තරයේ හෙලා දකිමි.ගෝටාභය රාජපක්ශ ජනාධිපති ලෙස සිටින රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම එක හෙලා ප්‍රතික්ෂේප කරමි .සමස්ථ ශ්‍රීලාංකීය ජාතියම සාමකාමී අවිහිංසාවාදී පුරවැසි අරගලයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමග මමත් කොන්දේසි විරහිතව සිටගනිමි. ගාලුමුවදොර විරෝධතා භූමියේ සිට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, දැයේ දුවාදරුවන්ගේ අනාගතය වෙනුවෙන් හඬ නගන ජනතාවගේ ඉල්ලීම් පිලිබදව අතිශයින් සංවේදී වෙමි.ආරම්භයේ සිටම අරගලයේ නියුතු අභීත සටන්කාමී පුරවැසි දූදරුවන්ට හදවතින්ම ආශිර්වාද කල මම කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ශලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවෙමි .