27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝල්ෆේස් කෝලහාලයට අනුබල දුන් සමාජ මාධ්‍ය ජාලා 59ක් ගැන බුද්ධි අංශයෙන් විමර්ශන

ගෝල්ෆේස් කෝලහාලයට අනුබල දුන් සමාජ මාධ්‍ය ජාලා 59ක් ගැන බුද්ධි අංශයෙන් විමර්ශන

පසුගිය 09 වැනිදා ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ සඳහා මෙහෙයවූ සමාජ මාධ්‍ය ජාලා 59ක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කරයි.

එම පුද්ගලයන් දිවයිනෙන් බැහැරව සිටියත් මෙම අපරාධ සඳහා ඔවුන්ට එරෙහිව කටයුතු කරන බවත් එම පුද්ගලයන්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ චෝදනා කිරීමේ හැකියාව තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

මෙලෙස චෝදනා ලැබූ පුද්ගලයින්ට වසර පහකට නොවැඩි සිර දඩුවමකට යටත් කිරීමට හැකියාව ඇති බවත් හෙතෙම කියා සිටියේය.