32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර බෙදාහැරීම හෙටින් ඇරඹේ

සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර බෙදාහැරීම හෙටින් ඇරඹේ

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග ප්‍රවේශපත්‍ර බෙදාහැරීමේ කටයුතු හෙට (13) ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

සඳුදා (16) වනවිට එම ප්‍රවේශපත්‍ර බෙදාහැර අවසන් කිරීමට නියමිතය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ තැපැල්පති මෙසේද කීය.

මෙවර පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයින් වෙත ලබාදිය යුතු විභාග ප්‍රවේශපත්‍ර මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙනවා. තවත් කොටසක් ලැබෙමින් තිබෙනවා. එම සියලුම ප්‍රවේශපත්‍ර අදාළ පාසල් වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන් වෙත බෙදාහැරීමේ කටයුතු හෙට දවසේ සිට ආරම්භ වෙනවා.

දැනටමත් අභ්‍යන්තර කටයුතු සඳහා අවශ්‍ය ලිපි වෙන්කිරීමේ කටයුතු අවසන් වෙමින් පවතිනවා. ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ඒවා ලැබෙයි. එ් අනුව සඳුදා වනවිට බෙදාහැරීම් කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි.