31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන්ට විශේෂ නිවාඩුවක්

ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන්ට විශේෂ නිවාඩුවක්

දැඩි ලෙස ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන් සඳහා විශේෂ වෛද්‍ය නිවාඩුවක් ලබා දීමට ස්පාඤ්ඤ රජය සැලැසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට අදාළ පනත් කෙටුම්පත මේ වනවිට සකස් කර අවසන් අතර ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කරන අන්දමට කාන්තාවන්ට දින 03ක් නිවාඩු හිමිවෙයි. දැඩි ලෙස ඔසප් වේදනාවෙන් පෙළෙන්නේ නම් වෛද්‍ය නිර්දේශ අනුව එම නිවාඩුව දින 5 දක්වා දීර්ඝ කර ගැනීමට හැකියාවද පවතී.

ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් එරට නව නීතිවලට අනුකූලව ස්පාඤ්ඤ රජය මෙම නව පනත් කෙටුම්පත සකස් කර ඇත. මීට අදාළ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිතය.