― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsBusinessවික්‍රමසිංහගේ හපන්කමක් නොව - නන්දලාල්ලාගේ ප්‍රතිපත්තිමය තීන්දුවකි

වික්‍රමසිංහගේ හපන්කමක් නොව – නන්දලාල්ලාගේ ප්‍රතිපත්තිමය තීන්දුවකි

ඩොලරයක් සඳහා වන රුපියලේ අගයෙහි සුවිශේෂී පහළ යාමක් අද (13) දිනයේ දී වාර්තා විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 364.98 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු සියල්ලක්ම පාහේ අද දිනයේ දී ඩොලරයක විකුණුම් මිල රු. 365 ක් ලෙසින් වාර්තා කර තිබුණි.

පසුගිය මාර්තු 09 දා සිට ශ්‍රී ලංකා රුපියලේ අගය පා කිරීමට ගත් තීරණයත් සමඟ විදෙස් මුදල් ඒකක හමුවේ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණයට ලක්වීමක් දක්නට ලැබුණි.

මේ අනුව විනිමය අනුපාතිකයේ පවතින අධික අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් 2022.05.12 දින නිකුත් කරන ලද චක්‍රලේඛය මගින් පහත සඳහන් ක්‍රියාමාර්ග නිකුත් කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

මහ බැංකුව විසින් විනිමය වෙළෙඳපොළේ පෙර දින බර තැබූ නිත්‍ය අනුපාතය මත පදනම්ව අන්තර් බැංකු ගනුදෙනු සඳහා USD/LKR මධ්‍යම අනුපාතිකය ප්‍රකාශයට පත් කරනු ඇත.
මෙහිදී අවසර ලත් USD/LKR විචලන ආන්තිකය ද මහ බැංකුව විසින් නිවේදනය කරනු ලැබේ. එය + හෝ – ලෙස යොදා ගත හැකිය
මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී වානිජ බැංකුවලින් ඉල්ලා සිටින්නේ පාරිභෝගික ගනුදෙනු සඳහා අදාළ වන ගාස්තු තීරණය කිරීමේදී සාධාරණ ආන්තික පමණක් යොදා ගන්නා ලෙසයි.
ඉදිරි අනුපාතිකයන් (Forward rates) ද අන්තර් බැංකු නිත්‍ය අනුපාතිකය (Inter bank spot rate) සමඟ සමපාත විය යුතුය.
බලපත්‍රලාභී වානිජ බැංකුවල ගාස්තු සහ කොමිස් ව්‍යුහය සාධාරණ, විනිවිද භාවයෙන් යුතු විය යුතු අතර ගනුදෙනුවේ වටිනාකමට සමාන රුපියලේ අගය අනුව 3%ක් නොඉක්මවිය යුතුය.
ඒ අනුව අද (2022.05.13) දින සඳහා මධ්‍යම අනුපාතය රු. 360.00 සිට (+/-) රු. 2.60 ක අවසර ලත් වෙනසක් සහිතව විය යුතුවේ.

මෙය අගමැති ලෙස රනිල් තේරී පත්වූ පසු සිදුවූ අරුමයක් නොවෙයි.විනිමය අනුපාතිකය යටතේ පවතින අධික අස්ථාවරත්වය නිසා මුදල් මණ්ඩළය ගත් තීරණයකි.