29 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසා/පෙළ උපකාරක පන්ති 17 මැදියම් රැයින් තහනම්

සා/පෙළ උපකාරක පන්ති 17 මැදියම් රැයින් තහනම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ලබන 17 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්ය.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ අනුව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම විභාගය අවසන් වන තුරු තහනම් බවයි. යම් අයෙක් හෝ ආයතනයක් මෙම නියෝගය නොසලකා ක්‍රියාකරනු ලැබුවහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වැනිදා සිට ජුනි 01 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.