26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපතිටත් උඩින් ඉන්න කෙරුමෝ දෙන්නා කවුද..?

ජනාධිපතිටත් උඩින් ඉන්න කෙරුමෝ දෙන්නා කවුද..?

ගාලුමුවදොර සිදුවූ කළහාකාරී සිදුවීම කල්තියාව වලක්වන ලෙස ජනාධිපතිවරයා විසින් තමාට උපදෙස් ලබාදුන් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසා ඇති බව වාර්තා වනවා.
මේ බව ඔහු පවසා ඇත්තේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින්.
ජනපතිගේ උපදෙස් අනුව මෙම කලහකාරී තත්ත්වය පාලනය කිරීමට නිලධාරීන් සහ ජල ප්‍රහාරක රථ දෙකක්ද ගාලුමුවදොර පිටියට කැඳවා තිබූ බවයි එහිදි වැඩිදුරටත් ඔහු පවසා තිබෙන්නේ.
අවසන් මොහොතේ ඉහළ බලධාරීන් දෙදෙනක් විසින්, ජනාධිපතිවරයා කුමන උපදෙස් ලබාදුන්නද ජල ප්‍රහාර කඳුලු ගෑස් එල්ල නොකරන ලෙස තමන්ට මෙන්ම එහි සිටි තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පැවසූ බවත් දේශබන්දු තෙන්නකෝන් පවසා තිබෙනවා.
ඒ හේතුවෙන් කලහකාරී පිරිස් පොලිස් නිලධාරීන්ද ඉවත් කරමින් ගාලුමුවදොර පිටියට ඇතුල් වූ බවත් ජනපති දුන් උපදෙස් අනුව කටයුතු කළේනම් මෙම සිදුවීම නවතාගන්නට තිබූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.