29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ඇමතිවරු 16ක් අද දිවුරුම් දෙයි

තවත් ඇමතිවරු 16ක් අද දිවුරුම් දෙයි

තවත් කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් අද (16) පත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යනුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් නව කැබිනට් ඇමැතිවරු සිව්දෙනෙක් පෙරේදා (14) පත්කරනු ලැබීය.

මේ වනවිට අමාත්‍යවරුන් සිව්දෙනෙකු දිවුරුම් දී ඇති අතර වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ තවත් අමාත්‍යවරුන් 16 දෙනෙකු අද දිනයේ දිවුරුම් දෙනු ඇති බවයි. මෙවර කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාද ඇතුළුව අමාත්‍යවරුන් 20 දෙනෙකුට සීමා වනු ඇත. ඒ අනුව අද සෙසු කැබිනට් ඇමැතිවරු පිරිස පත්වනු ඇතැයි ද වාර්තා වේ.