― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsතෙන්නකෝන්ට පහර දුන් අය ඉක්මනින් නීතිය ක්‍රියාත්මක වෙන්නත්, ගෝඨාගෝගමට පහර දුන් අය...

තෙන්නකෝන්ට පහර දුන් අය ඉක්මනින් නීතිය ක්‍රියාත්මක වෙන්නත්, ගෝඨාගෝගමට පහර දුන් අය අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීමටත් හේතුව මොකක්ද?

ගෝඨාගෝගම ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට නොගෙන, ප්‍රහාරයෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන් පමණක් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සාධාරණත්වයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට ලිපියක් යවමින් සඳහන් කර තිබෙනවා.

ගෝඨාගෝගම අරගලකරුවන් සමඟ සාකච්ඡා කරමින් විසඳුමක් සෙවීමට අගමැතිවරයා විසින් භාර දුන්නේ රුවන් විජයවර්ධනටයි.

මේ සම්බන්ධයෙන් තමාට පුළුල් වගකීමක් පවරා ඇති අතර ගෝඨාගෝගමට පහරදීමට අදාල ප්‍රධාන සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට හේතු මෙන්ම අදාල විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව ද කඩිනමින් කරුණු හෙළි කරන ලෙස රුවන් විජයවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

අරගලකරුවන්ට පහරදීමට පැමිණි හෝ පහර දුන් ප්‍රධාන පුද්ගලයන් කිසිවකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත් එදින ඇති වූ ප්‍රචණ්ඩත්වයට වගකිවයුතු සැකකරුවන් ගණනාවක් නම් කරමින් කොටුව අධිකරණය හමුවේ පෞද්ගලික පැමිණිල්ලක්ද ගොනු කර තිබෙන බවත් රුවන් විජයවර්ධන මහතා සඳහන් කරනවා.

නිරායුධ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ද පසුගිය දිනෙක ප්‍රහාරයක් එල්ල වූ බව ප්‍රසිද්ධ කාරණයක් බවත් එම සිද්ධියට සම්බන්ධ ප්‍රහාරකයන් පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට පත්වූ අතර එම මෙහෙයුම සම්බන්ධයෙන් පොලීසියේ කාර්යක්ෂම සේවය අගය කරන බව කියන විජයවර්ධන මහතා නිරායුධ අරගලයට පහරදීමේ සිදුවීමට දින ගණනාවක් ගත වී ඇතත් ඊට සම්බන්ධ එක් අයෙකු පමණක් ඊයේ (15) උදෑසන අත්අඩංගුවට ගත්ත ද අනෙක් ප්‍රධාන සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වීම අතිශය කණගාටුදායක තත්ත්වයක් බවද සඳහන් කරයි.