― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsදුම්රිය ධාවනය ගැන හදිසියේ ගත් තීරණය මෙන්න

දුම්රිය ධාවනය ගැන හදිසියේ ගත් තීරණය මෙන්න

අද (16) රාත්‍රී 8.00ට පෙර කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිත දුම්රිය පමණක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පැවසුවේ යළි ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ දුම්රිය ධාවනය කළ නොහැකි නිසා මෙම තීරණයට එළඹි බවත් අද රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රියද අවලංගු කළ බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.