― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalදේශපාලඥයින් 113 ගැන නොසිතා ජනතාව ගැන සිතිය යුතුයි

දේශපාලඥයින් 113 ගැන නොසිතා ජනතාව ගැන සිතිය යුතුයි

සියලු දේශපාලඥයින් තම සංවාදයන් කේන්ද්‍ර කළ යුත්තේ 113 ගැන නොව මිලියන විසිදෙකක ශ්‍රී ලාංකිකයින් පිළිබඳව බවත් රට වැහැරෙන පැයකදී පක්ෂයේ වහලෙක් නොවී, පොදූ ජනතාව කබලෙන් එළියට ගැනීමට හැකි සෑම සහයෝගයක්ම ලබාදීම තම ප්‍රතිපත්තිය බවත් ඩලස් අලහප්පෙරුම පැවසීය.

රටේ දීගුකාලීන ස්ථාවරත්වයක් ඇති කළ හැක්කේ රට ගැන සිතන, පවුලකට කේන්ද්‍ර නොවූ, තරුණ පරම්පරාවේ අනාගතය ගැන සිතන සහ චෞරයන් නොවූ දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීමෙන් පමණක් බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසීය.

රට මුහුණ දී තිබෙන දැඩි ආර්ථික අර්බුදය විසඳීමේ පළමු පියවර විය යුත්තේ, පොහොට්ටුවේ සහ සමඟි ජන බලවේගයේ නායකයින් වසර දෙකකට ආසන්න කාලයක් ආභරණයන් සේ රැකබලාගත් උද්දච්ඡකම, උඬගුකම සහ ආත්මාර්ථකාමීබව පසෙකින් තැබීම බව හෙතෙම එහිදී අවධාරණය කළේය.