31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalනිවාස හා දේපල හානි වූවන්ට සාධාරණ‍‍‍ය ඉටු කරනවා

නිවාස හා දේපල හානි වූවන්ට සාධාරණ‍‍‍ය ඉටු කරනවා

මාර්තු 31 වැනිදා සිට විවිධ අවස්ථාවලදී රට තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපල හානි වූ සියලු දෙනාට සාධාරණ‍‍‍ය ඉටු කරදීම සඳහා තමන් පෞද්ගලිකවම මැදිහත් වන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ප්‍රසන්න රණතුංග පවසන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ හා ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වූයේ පසුගිය මාර්තු 31 වෙනිදා ජනාධිපති වරයාගේ මිරිහාන නිවසට පහර දීමේ සිද්ධියත් සමඟ බවයි.

දිවයින පුරා විවිධ ප්‍රදේශවල හිටපු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා නගර සභා සභාපතිවරුන්, ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ඉලක්ක කරගනිමින් සිදුවුණු නිවාස සහ දේපල ගිනි තැබීම් හා විනාශ කිරීමේ සිද්ධීන් රැසක් වාර්තා විය.

ඒ පිළිබඳ සියලු තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ඔවුන්ට සාධාරණය ඉටු කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ප්‍රසන්න රණතුංග අවධාරණය කළේය.