31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාඨලීගෙන් රනිල්ට ලිපියක්

පාඨලීගෙන් රනිල්ට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කර තිබේ.

එහී දැක්වෙන්නේ පිහිටුවන අන්තර්කාලීන ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික මාර්ග සිතියම කඩිනමින් පැහැදිලි කරනා ලෙසත්, එය දෙස බලා රජයට කවර මට්ටමින් සහයෝගය ලබා දෙන්නේද යන්න තීරණය කරන බවත්ය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයට පත්වූයේ ගෝඨාගෝගම අරගල භූමිය තුළින් දේශපාලන අරගලය තීව්‍ර වීමේ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙන් බැවින් එම අරගල බිමෙන් මතු වූ දේශපාලන ඉල්ලීම් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය පැහැදිලි, සංගත හා විනිවිද පෙනෙන ලෙස රට හමුවේ වහාම ඉදිරිපත් විය යුතු බවත් හෙතෙම එම ලිපියෙන් දක්වා තිබේ.