― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ගිනි අවි ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ගිනි අවි ඉල්ලයි

පොලිසියට සිය ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි නම් තමන්ට ගිනි අවි ලබා දෙන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මැයි 09 වැනිදා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සෙනසුරාදා (14) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවා තිබුණු අතර ඒ සඳහා මන්ත්‍රිවරු 90ක් පමණ සහභාගි වී තිබේ.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී නොමැත.

මෙම රැස්වීම ආරම්භයේදීම මන්ත්‍රිවරුන් ඔවුන්ගේ දුක්ගැනවිලි ගැණ කියන්නට පටන්ගත් අතර සිය නිවාසවලට සිදුවූ අලාභහානි ගැන අදහස් පළ කළහ. මන්ත්‍රිවරුන් සෘජුව චෝදනා කර ඇත්​තේ පොලිස්පතිවරයාටය. ඇතැම් මන්ත්‍රිවරු පොලිස්පතිවරයාට අසභ්‍ය වචනයෙන් පවා බැණ වැදී තිබේ. ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදී හෙට (17) පාර්ලිමේන්තුවේදී බහුතර බලය පෙන්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් එහිදී පැවැසුවේය. මෙම සාකච්ඡාවට දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර මන්ත්‍රිවරුද ඊට එක්වූයේ විවිධ ආරක්ෂක උපක්‍රම භාවිත කරමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ තනතුරක් දරන මන්ත්‍රිවරයකු ‘මරුටි වර්ගයේ’ කාර් රථයකින් රැස්වීමට සහභාගි වූයේය.