31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමතීෂ ගැන දෝනිගෙන් අනාවැකියක්

මතීෂ ගැන දෝනිගෙන් අනාවැකියක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අනාගතයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ට පන්දු යවන්නෙකු වනු ඇති බව ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක, චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායමේ නායක මහෙන්ද්‍ර සිං දෝනි පවසයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි කණ්ඩායමට ක්‍රීඩා කරන මතීෂ පතිරණ ඊයේ (15) ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව සිය මංගල අයි.පී.එල් තරඟය ක්‍රීඩා කළේය.

තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහෙන්ද්‍ර සිං දෝනි ප්‍රකාශ කර ඇත්තේ මතීෂ ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංගව යළි අයි.පී.එල් පිටිය තුළ සිහිගන්වන බවය.

මතීෂ පතිරණ නිසි පුහුණු කිරීමක් යටතේ ආරක්ෂා කළ යුතු ක්‍රීඩකයෙකු බවද දෝනි වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

එහිදී ඔහු සිය පළමු පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගැනීමට සමත් විය. මේ අතර ගුජරාට් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා දවාගැනීමද විශේෂත්වයකි.