25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැයි 09 සිදුවීමට අදාළ 398ක් අත්අඩංගුවට

මැයි 09 සිදුවීමට අදාළ 398ක් අත්අඩංගුවට

මැයි 09 වැනිදා ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ සහ දිවයින පුරා පුද්ගලයන්ට පහර දී රාජ්‍ය සහ පෞද්ගලික දේපළවලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 159 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 398ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි තල්දූව ප්‍රකාශ කරයි.

මැයි 09 වැනිදා මීගමුවේදී සුඛෝපභෝගී හෝටල්වලට හානි කිරීම සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදු කිරීමට මීගමුව පොලිස් ස්ථානය යටතේ විශේෂ විමර්ශන පොලිස් කණ්ඩායමක්ද පත් කර තිබෙන බවට සඳහන් කර ඇත.