26.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමේ ආණ්ඩුව නිකන් මරියා කඩේ මාළු ලෑල්ල වගේ - රාජිත සේනාරත්න

මේ ආණ්ඩුව නිකන් මරියා කඩේ මාළු ලෑල්ල වගේ – රාජිත සේනාරත්න

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් එක් ස්ථානයකට කැඳවා සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරන්නේ නම් ඊට යම් ජනතා විශ්වාසයක් හිමිවනු ඇතැයි සමගි ජන බලවේගයේ සාමාජික රාජිත සේනාරත්න පැවසීය.

ඒ හැර අග්‍රාමාත්‍යවරයා විසින් එක් එක් මන්ත්‍රීවරයාට ලිපි යොමු කර සහය ඉල්ලීමෙන් ගැටළුවට විසඳුම් හිමි නොවන බවත් හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තමා මීට පෙර කැබිනට්වල සිටි බව සහ මේ කැබිනට්ටුව මරියා කඩේ මාළු ලෑල්ල සිහිපත් කරන බවත් ඔහු එහිදී කියා සිටියේය.