29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරනිල්ට මෛත්‍රීපාලගේ සහාය ලැබෙයි

රනිල්ට මෛත්‍රීපාලගේ සහාය ලැබෙයි

රට මුහුණදී සිටින ආර්ථික අර්බුදය විසඳීම සඳහා ආණ්ඩුව ගන්නා සියලුම නිවැරදි තීරණවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලැබෙන බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අගමැතිවරයා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම හමුවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ තනතුරු ලබා ගන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගනු ලබන අතර පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ දහයේ එකමුතුවේ නියෝජිතයන්ට සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආරාධනා කර තිබෙනවා.