27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalපොහොට්ටුවේ මැරයන් ඉස්සෙල්ලම අත්අඩංගුවට ගන්න - මනූෂ නානයක්කාර

පොහොට්ටුවේ මැරයන් ඉස්සෙල්ලම අත්අඩංගුවට ගන්න – මනූෂ නානයක්කාර

ගාලු මුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කළ පුද්ගලියින් පළමුව අත්අඩංගුවට ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසනවා.

අද ( 17) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කරමින් ඔහු සඳහන් කළේ, අදාළ සිදු වීම් ආරම්භ කළ ස්ථානයෙන් ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සිදු කළ යුතු බව ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මනූෂ නානායක්කාර මහතා මෙසේ පැවසීය.

“ගෝල්ෆේස් එකට සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පහර දීපු පිරිස අත්අඩංගුවට ගැනීම සිද්ධ කරන්නේ නැතුව අනිත් අත්අඩංගුවට ගැනීම කරනවා. පටන් ගන්න සිද්ධිය පටන් ගත්තු තැනින්. එතන ඉඳන් පටන් අරගෙන කරන්න. මේ චණ්ඩිකම් කරලා දේශපාලනය කරන්න බැහැ. මේ චණ්ඩිකම්වලට මේ සමාජය විරුද්ධයි. මේ වගේ දේශපාලනය කළා ම අවසානයේදී දේශපාලඥයින්ගේ ගෙවල් දොරවල් පවා පිච්චෙන ප්‍රමාණයට ආවා. ඇයි මේ චණ්ඩිකම් කරන්නේ මේක චණ්ඩිකම් කරන තැනක් නෙවෙයි. වැරැදි තැනට යන්න එපා.”